සනත් නිශාන්තට සති 2ක් යනතුරු පාර්ලිමේන්තුව තහනම්
පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති 2කට අත් හිටුවීමට කතානායකවරයා නියෝග කර තිබේ.
ඊයේ (21) දින සභාවේ සිදුවු විනය විරෝධී ක්රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බව කථානායකවරයා පවසයි.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා මෙහිදී නියෝග කළේය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) දින සිට ක්රියාත්මක බවත් කථානායකවරයා පැවසීය.