සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයට ජගත් ප්‍රියංකර

සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයට ජගත් ප්‍රියංකර

අද (25) උදෑසන සිදුවූ හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා තිබේ.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 5ක් හිමි වූ අතර එහිදී මනාප 80,082 ලබා ගනිමින් සනත් නිශාන්ත මහතා එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට පත්විය.

එමෙන්ම, ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත අනෙක් ආසන හතර හිමි කර ගත්තේය.

මනාප 40527ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකරට හිමිවිය.

ඒ අනුව, සනත් නිශාන්ත මියයාමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුව අනුව පත් වීමට නියමිතව ඇත්තේ ජගත් ප්‍රියංකර මහතායි.