
ගණේමුල්ල සංජීව ඝාතනයට නීතිඥ වෙසින් ආ ඝාතකයා සහ කාන්තාව හඳුනා ගැනේ
කොළඹ – අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ අද (19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රබල අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තාව ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණි දෙදෙනා පොලීසිය විසින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, අදාළ වෙඩික්කරු ඉකුත් මස 7 වනදා දෙහිවල, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩික්කරු බව පොලීසිය පවසයි.
එමෙන්ම, අදාළ ඝාතනය සඳහා අධිකරණ භූමියට රිවෝල්වරය රැගෙන ආ බව පැවසෙන කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන තැනැත්තියක් බවයි, පොලීසිය පැවසුවේ.
ඒ අනුව, ඔවුන් රටින් පැනයාම වැළැක්වීම සඳහා මේ වනවිට ගුවන්තොටුපොළ වෙත අවශ්‍යකරන දැනුම්දීම් සියල්ල සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවත්, ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මේ අතර අද (19) උදෑසන බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන පැමිණි ගණේමුල්ල සංජීවගේ ආරක්ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම STF නිලධාරීන් 12 දෙනෙකු ආරක්ෂාවට යොදවා තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.