
Samsung උප සභාපති අභාවප්‍රාප්ත වෙයි
SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති අතර මියයන විට ඔහු 63 වන වියේ පසු විය.
1962 වසරේ දී උපත ලැබූ හැන්, 2022 සිට සැම්සුන් හි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික හා ජංගම උපාංග ව්‍යාපාර අධීක්ෂණය කළ බව එම සමාගම පවසයි.
ඔහු 2022 දී සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී ලෙස නම් කරනු ලැබීය.
SAMSUNG සමාගම මෑත වසරවලදී සැලකිය යුතු බාධකවලට මුහුණ දී ඇති අතර, එය චිප් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා ද වේ.