පැරා ඔලිම්පික් නව ලෝක වාර්තාවක් තබමින් රිදී පදක්කමක් දිනූ සමිත දුලාන් ලංකාවට

පැරා ඔලිම්පික් නව ලෝක වාර්තාවක් තබමින් රිදී පදක්කමක් දිනූ සමිත දුලාන් ලංකාවට

ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , නව ලෝක වාර්තාවක් තබමින් , රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩකයා ඊයේ (10) පස්වරුවේ දිවයිනට පැමිණියේය .

ඔවුන් ඊයේ දින පස්වරු 03.30 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. .

මෙම තරගාවලිය ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුව විසින් 08/28 දින සිට 09/08 දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කර ගනිමින් පවත්වා තිබුණි .

ඔහු මෙම තරගාවලියේ එෆ්.- 44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබූ අතර ඔහු මීට පෙර ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරා ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

ඔහු සමග මෙම පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයින් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

සමිත දුලාන් ක්‍රීඩකයා පිළිගැනීම සදහා ඔහුගේ ආදරණීය බිරිඳ , දරුවා, ඔහුගේ මව මෙන්ම ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති දීපාල් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද , ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රීඩා අංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .