ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් සංවිධායක සජබ යට එක්වෙයි

ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් සංවිධායක සජබ යට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයෙකු වූ සමන්ත පෙරේරා ඊයේ දින (04) සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමේදී සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ඔහු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැන‍ිමත් සමගම ඔහු සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක වරයෙකු ලෙස පත්කරනු ලැබීය.

Share This