ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්

ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ජාත්‍ය­න්තර සංව­ර්ධ­නය සඳහා වූ එක්සත් ජන­පද නියෝ­ජි­තා­ය­ත­නයේ (USAID) පරි­පා­ලිකා සමන්තා පවර් මහ­ත්මිය අතර සාක­ච්ඡා­වක් ඊයේ (11) මාර්ග­ගත තාක්ෂ­ණය ඔස්සේ සිදු විය.

අන්‍යෝන්‍ය වශ­යෙන් වැද­ගත් කරුණු කිහි­ප­යක් පිළි­බඳ මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා සහ සමන්තා පවර් මහ­ත්මිය අද­හස් හුව­මාරු කර ගත් අතර ඉදි­රියේ දී ශ්‍රී ලංකාව සහ ජාත්‍ය­න්තර සංව­ර්ධ­නය සඳහා වූ එක්සත් ජන­පද නියෝ­ජි­තා­ය­ත­නය අතර සහ­යෝ­ගි­තාව ඉහළ නංවා ගැනීමේ අවස්ථා පිළි­බ­ඳ­වද සාකච්ඡා කරනු ලැබීය.

රජය විසින් ඉදි­රි­පත් කර ඇති ප්‍රති­පත්ති ප්‍රකා­ශය සහ ජාත්‍ය­න්තර සංව­ර්ධ­නය සඳහා වූ එක්සත් ජන­පද නියෝ­ජි­තා­ය­ත­නයේ ප්‍රති­පත්ති අතර පව­තින සමා­න­තාව ද මෙහිදී පෙන්වා දුන් සමන්තා පවර් මහ­ත්මිය ජන­තා­වගේ සුබ­සි­ද්ධිය වෙනු­වෙන් ක්‍රියා­ත්මක කාර්ය­යන් සඳහා එක්සත් ජන­පද නියෝ­ජි­තා­ය­ත­නයේ පූර්ණ සහාය ලබා දෙන බව ජනා­ධි­ප­ති­ව­රයා හමුවේ ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ සංව­ර්ධන ක්‍රියා­ව­ලිය පුළුල් කිරී­මට මෙන්ම ජාත්‍ය­න්තර සංව­ර්ධ­නය සඳහා වූ එක්සත් ජන­පද නියෝ­ජි­තා­ය­ත­නය සහ ශ්‍රී ලංකාව අතර සහ­යෝ­ගී­තාව ඉහළ නැංවී­ම­ටත් එම කට­යුතු ඉව­හල් වනු ඇති බව ද සමන්තා පවර් මහ­ත්මිය වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නාය.