
මෙරට නිෂ්පාදිත සැමන් ප්‍රථම වරට අපනයනය කෙරේ
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම සැමන් තොගය විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්‍ර ප්‍රදානය ඊයේ (29) පුත්තලම – මදුරන්කුලියේ පිහිටි ඔෂන් ෆුඩ් කර්මාන්ත ශලාවේ දී පැවැත්විණි.
මේ වර්ෂයේ තුළ ඩොලර් මිලියන අටක ආදායමක් බලාපොරොත්තු වන බවත් මේ මාසය තුළ එක් කන්ටේනරයක සැමන් ටින් 48000 ක්ද , එක් කන්ටේනරයකින් ඩොලර් 38000 / 40000 ආදායමක් බලාපොරොත්තු වන බවත් ලබන මාසය තුළ කන්ටේනර් පෙට්ටි 02 ක් යැවීමට බලාපොරොත්තුව වන බවත් පාලන අධිකාරිය සදහන් කරයි.
මහ මුහුදෙන් ධීවරයින් විසින් අල්ලා ගෙන එනු ලබන 1/3 මාළු ගොඩ බිමට රැගෙන එන විට විනාශ වන බවත් එය මුහුද මැදට ගොස් මිලදී ගෙන රට වටා ඇති මාළු සම්පත විනාශ වීමට ඉඩ නොදී ප්‍රයෝජනයට ගැනිම එකම අරමුණ බව ඔවුන් පවසයි.
මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් , ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යය ලේකම් සම්පත් මන්ත්‍රීනායක , ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු පිරිසක් සහභාගී වූහ.


