සමන් දේවප්රතිමා වහන්සේ ශ්‍රී පාද ස්ථානය වෙත වැඩම කෙරේ
ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරමින් සමන් දේව ප්‍රතිමා වහන්සේ සහ සදාතුක කරඬුව ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවීමේ පෙරහර අද (13) උදෑසන පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ සිට ගමන් ආරම්භ කර තිබෙනවා.
පැල්මඩුල්ල සන්නස්ගම ප්‍රදේශයේදී විශේෂ දේව රථයේ තැන්පත් කර තිබූ සමන් දේව ප්‍රතිමාවට බැතිමතුන් පුජෝපහාරය මධ්‍යයේ ගමන් ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීමට පෙර පවත්වනු ලබන ආගමික වතාවත් ඊයේ (12) පස්වරුවේදී පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ දී ආරම්භ වුණා .
සෑම වර්ෂයකම ශ්‍රී පාද වාරය උඳුවප් පොහෝ දිනෙන් ආරම්භව වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වනවා
ඒ අනුව අවාරයේදී සමන් දෙවි ප්‍රතිමාව සහ සධාතුක කරඬුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
එලෙස වැඩම කරවන සමන් දෙවි ප්‍රතිමා සහ සධාතුක කරඬු ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කිරීමෙන් පසු උඳුවප් පොහෝ දින (14) 2024-2025 ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වනවා