අද සිට ලුණු මිලත් ඉහළට – නව මිල ගණන් මෙන්න

අද සිට ලුණු මිලත් ඉහළට – නව මිල ගණන් මෙන්න

ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් අද (06) සිට ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා රුපියල් 20 කින්ද ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා රුපියල් 60කින්ද මිල ඉහළ නංවා ඇති බවයි, හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දන තිලක මහතා පැවසුවේ.

මෙම ලුණු මිල වැඩි කිරිම තාවකාලික තීරණයක් බව පැවසූ සභාපති නන්දන තිලක මහතා මාර්තු මාසයේදි හම්බන්තොට ලුණු ලේවායේ ලූණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවද සඳහන් කළේය.