මේක එයාගේ ලියලා කියලා නැහැනේ – සජිත්ගේ පුටුවට පොර කෑ මන්ත්‍රී දොස්තර
අද (21) පැවති 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සම්ප්‍රදායානුකූල ව අසුන් ගන්නා ආසනයේ වෙනත් නවක මන්ත්‍රීවරයෙකු අසුන්ගෙන සිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුනා.
මෙම මන්ත්‍රීවරයා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ ආචාර්යය අච්චුනා රාමනාදන් මහතා යි.
එහිදී පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය පැමිණ නවක මන්ත්‍රීවරයාට දැනුම්දී ඇත්තේ ඔහු අසුන් ගෙන සිටින්නේ සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයාට පැනවූ අසුනෙහි බවත්; එබැවින් කරුණාකර එම අසුන අතහැර වෙනත් අසුනක අසුන් ගැනීමට කටයුතු කරන ලෙසයි.
නමුත් එහිදී නවක මන්ත්‍රී ආචාර්යය රාමනාදන් මහතා පවසා ඇත්තේ; ‘අපි ක්‍රමය වෙනස් කර ඇති බවත්; අද දින පාර්ලිමේන්තුවේ ඕනෑම අසුනක අසුන්ගැනීමට මන්ත්‍රීවරුන්ට අවසර පවතින බවයි.
මේ හේතුවෙන් අද දින 10 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා හට ඔහුගේ සුපුරුදු ආසනය අහිමි වී; හෙතෙම වෙනත් ආසනයක අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබුණා