සජිත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමුවෙයි

සජිත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (26) පැවැත්විණ.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර මෙරට සමාජ ආර්ථික හා දේශපාලන කරුණු රැසක් සමිබන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.

වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා දැනුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කටයුතු කරනු ලැබීය.

පවතින බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා ඉදිරියටත් සහයෝගය ලබා දෙන ලෙසත් එහිදී විපක්ෂ නායකවරයා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

මෙම හමුව සඳහා මෙරට ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් මැතිව් ලෝඩ් මහතා එක්විය.