
පොලිස් නිවස්නයේදී සැරයන් මරුට
අනුරාධපුර පොලිස් නිවස්නය තුල නිදා සිටි පොලිස් භෝජනාගාරයේ පාලක ලෙස සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අද (27) නිදි යහනේදීම මියගොස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව භෝජනාගාර පාලකවරයා ලෙස සේවය කළ තිලක් සේපාල සෙනෙවිරත්න (57) නැමති පොලිස් සැරයන්වරයෙකි.
මියගිය පොලිස් සැරයන්වරයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය සදහා ඔහුගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.