පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂාවට

පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂාවට

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) පරීක්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

සහල් මෝල් වලින් දිනපතා නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දිනපතා සහල් මෝල් වලින් පිටවන සහල් ප්‍රමාණය, දැනට පවතින සහල් තොග ප්‍රමාණය , සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමටද මෙහිදි සිදු කරන බව ද අධිකාරිය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සහල් මෝල් පරීක්ෂාවට ලක් කිරීම සිදුකෙරේ. ඊයේ ජනපති හා සහල් මෝල් හිමියන් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.