සහල් හිඟයට විසඳුම් දෙන හැටි ආනයනකරුවන් ජනපතිට කියයි
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදු කරමින් පවසා තිබේ.
සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සදහා පනවා ඇති රුපියල් 65 ක් බද්ද රුපියල් 40 දක්වා අඩු කරන ලෙසත් ඉල්ලා සිටින ඔවුන් ආනයන බද්ද රුපියල් 40 දක්වා අඩු කරන්නේ නම් සහල් ගෙන්වා කිලෝවක් රුපියල් 180 ත් 185 අතර මිලකට ජනතාවට ලබාදීමට හැකි බවත් පවසයි.
රටේ පවතින සහල් හිගය දිනෙන් දින උග්‍ර වන බවත් සදහන් කරන ආනයනකරුවන් මේ වනවිට පිටකොටුව තොග වෙළෙදපොලේ ඇත්තේ දින කිහිපයකට ප්‍රමාණවත් සහල් තොගයක් බවද සඳහන් කරයි.