සහල් ආනයනයට ලබාදුන් කාලය දීර්ඝ කරයි

සහල් ආනයනයට ලබාදුන් කාලය දීර්ඝ කරයි

සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට ලබා දී තිබූ කාලය 2025 වසරේ ජනවාරි 10 දා දක්වා දීර්ඝ කළ බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ අවසන් එකඟතාව එළැඹෙන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගැනීමට නියමිතය.

රට තුළ පවතින සහල් හිඟයට විසදුමක් වශයෙන් පසුගිය 04 වනදා සිට සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන් අතර එම කාලය අදින් (20) අවසන්වීමට නියමිතව තිබුණි.

මේ වනවිට පෞද්ගලික ආනයනයකරුවන් විසින් සහල් මෙට්‍රික් ටොන් 35600 ක් පමණ මෙරටට ආනයනය කර තිබූ බව රේගුව පැවසීය.

රජය මගින් ද සහල් ආනයනය කරන බව ප්‍රකාශ කළද ඊයේ (19) වනවිටත් රජය සහල් ආනයනය කර නොතිබූ බව වාර්තාවේ.