ආනයනික පළමු සහල් තොගය වෙළෙඳපොළට
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ.
ඒ අනුව, ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බවයි, වාර්තා වන්නේ.
රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නේය.
ඒ අනුව, ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර සම්බා සහ සුදු කැකුළු සහල් තොගයක් ඉන්දියාවේ සිට මෙලෙස ආනයනය කර ඇති බව සඳහන්ය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ, අද (12) සහ හෙට (13) යන දෙදින තුළද තවත් සහල් තොග දිවයිනට ළඟාවීමට නියමිත බවයි.