ආපදාවට ලක්වූවන්ට චක්‍රලේඛ වෙනස් කර වන්දි ගෙවනවා – සාගල රත්නායක

ආපදාවට ලක්වූවන්ට චක්‍රලේඛ වෙනස් කර වන්දි ගෙවනවා – සාගල රත්නායක

දිස්ත්‍රික්ක අටක ආපදාවන්ට ලක්වූවන්ට චක්‍රලේඛ වෙනස් කර හෝ වන්දි ගෙවීමටත්, පීඩාවට පත් වූ සියලු ජනතාව වෙනුවෙන් සහන සැපයීමටත් සියලු කටයුතු යොදා ඇති බව සාගල රත්නායක මහතා පවසයි.

කොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පතිවරයා රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සාගල රත්නායක මහතා කියා සිටියේ.

දිස්ත්‍රික්ක අටකට බලපෑ ගංවතුර තත්ත්වය සහ අධික වර්ෂාවෙන් පීඩාවට පත් වූ සියලු ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලු සහන සැලසීමට කටයුතු යොදා ඇති බවය.

විනාශ වූ නිවාස වෙනුවෙන් නව නිවාස තනා දීමට ත්‍රිවිධ හමුදාවේ සහ ඇතිව වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් සියලු රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි.

ගංවතුර තත්වය පහව යනතුරු,අනතුරුවත්,ගංවතුරෙන් හෝ පීඩාවකටපත්තු සෑම ජන කොටසකම සුරක්ෂිතභාවය වෙනුවෙන් සෑම වැඩපිළිවෙලක් දියත් කිරීමට තීරණ කර ඇති බවත් මෙහිදී කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් මහතා සහපාර්ලිමේන්තු මන්ත්‍රී දොළවත්ත මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

Share This