එජාපයේ “සැබෑව” අද කුලියාපිටියෙන් ඇරඹේ

එජාපයේ “සැබෑව” අද කුලියාපිටියෙන් ඇරඹේ

මැතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වන, එක්සත් ජාතික පක්ෂයේ පළමු මහජන රැළිය කුලියාපිටිය නගර සභා පිටියේ දී අද (10) පැවැත්වීමට නියමිතයි.

පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන රැළිය පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර එහි තේමාව වන්නේ ”සැබෑව ” යන්නය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහජන වේදිකාවකට එක්වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් ම විසින් සංවිධානය කර ඇති මෙම ජන රැළිය, එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් සංවිධානය කර තිබෙනවා.

Share This