ලාංකිකයන් ගැන සාකච්ඡා කරන්න රුසියාවට අද දූත පිරිසක්

ලාංකිකයන් ගැන සාකච්ඡා කරන්න රුසියාවට අද දූත පිරිසක්

රුසියාවේ සටන් පෙරමුණේ කුලී හමුදාවල සේවයේ යොදවා සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් මෙරටට රැගෙන ඒමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලාංකික දූත පිරිසක් අද (24 වැනිදා) රුසියාවේ මොස්කව් බලා පිටත්ව යාමට නියමිතය.

මෙම දූත පිරිසට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය ඇතුළු විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද, රජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගාමිණී වලේබොඩ. දයාසිරි ජයසේකර. රුසියාවේ හිටපු තානාපති සමන් වීරසිංහ ඇතුළු කණ්ඩායමක් අයත්ය.

එරට නියෝජිතයන් හමුව ලබන 26 වැනිදා මොස්කව් නුවරදී හමුවන අතර රුසියානු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති හා විදේශ නියෝජ්‍ය ඇමැතිනිය ද සාකච්ඡා සඳහා එක්වීමට නියමිතය.