යාපනයේ තරුණයෙකුගේ මළ සිරුර රුසියානු දේශසීමාවේ පාරක් අසලින් හමුවෙයි

යාපනයේ තරුණයෙකුගේ මළ සිරුර රුසියානු දේශසීමාවේ පාරක් අසලින් හමුවෙයි

යාපනය කෝපායී ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ මළ සිරුරක් රුසියානු දේශ සීමාවේ පාරක් අසල තිබී එරට ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (15) සොයා ගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, යාපනයේ කෝපායී ප්‍රදේශයේ පදිංචි එස්. ජූඩ්සන් නැමති 25 හැවිරිදි තරුණයෙකි.

ඔහු කුඩා කාලයේදීම ඔහුගේ දෙමව්පියන් යුද්ධය හේතුවෙන් මියගොස් ඇති අතර යුරෝපයේ සිටින බව කියන ඥාතියෙකුගේ උදව්ව මත ඔහු යුරෝපයට ගොස් ඇත.

එහි සිට තවත් අට දෙනෙකු සමග නීති විරෝධී ලෙස රුසියාවට යමින් සිටියදී ඔවුන් ගමන් කළ වාහනයේ ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම මත මේ තරුණයා රෝගී වී පසුව මියගොස් තිබේ.

මියගිය අයගේ මළ සිරුර දේශ සීමාව අසල දමා අනෙක් පිරිස රුසියාවට ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

මියගිය තරුණයාගේ මළ සිරුර ශ්‍රී ලංකාවට රැගෙන ඒම පිණිස කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති අතර යුරෝපයේ සිටින බව කියන ඥාතියෙකු දේශ සීමා ආරක්ෂක නිලධාරීන්ගේ නියෝගයක් මත දේශ සීමා පොලීසිය වෙත ගොස් තිබේ.