රුපියල තවත් පහළට

රුපියල තවත් පහළට

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 316.30 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 330.29ක් ලෙස සටහන්ව තිබෙනවා.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මධ්‍යම විනිමය අනුපාතිකය රුපියල් 324.25 ක් වන අතර එය පෙබරවාරි 24 වැනි දින රුපියල් 362.66 ක් තරම් ඉහළ අගයක් වුණා.

Share This