රුහුණු සරසවියේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල වර්ජනයක

රුහුණු සරසවියේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල වර්ජනයක

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේන මහතා එම තනතුරින් ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට පාර්ශව කිහිපයක් තීරණය කර තිබේ.

එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්ය සංගමයේ සභාපති සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප ලේකම් ආචාර්ය මංජුල ද සිල්වා මහතා කියා සිටියේ, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් ද ඊට එක්වන බවයි.

ඒ අනුව, සිසුන්ගේ විභාග රාජකාරිවලට පමණක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්වන බවයි, ආචාර්ය මංජුල ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ.