ආසියානු වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

ආසියානු වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස 18න් පහළ සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද (29) සමත් විය.

තෙවන ස්ථානය සඳහා වූ තීරණාත්මක තරගයෙන් ඔවුන් විසින් සත්කාරක මැලේසියාව ලකුණු 17-14ක් ලෙස පරාජය කළේය.

ඊයේ ආරම්භ වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ලබාගත් අතර, එහිදී ඔවුන්ට තායිලන්තය (27-0) හා චීන තායිපේ (29-70 පහසුවෙන් පරාජය කිරීමට හැකිවිය.

එමෙන්ම ප්‍රබල හොංකොං රාජ්‍යයට එරෙහි තරගයද ලකුණු 17-17ක් ලෙසින් සම තත්ත්වයෙන් අවසන් කිරීමට හැකිවිය.

මෙම ජයග්‍රහණ හේතුවෙන් හොංකොං කණ්ඩායම අභිබවා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද ශ්‍රී ලංකාවට හැකිවිය.

අද දිනයේදී ශ්‍රී ලංකාව බෘෘනායි කණ්ඩායම සමගින් තරගයක් ක්‍රීඩා කිරීමට තිබුණත්, බෘෘනායි කණ්ඩායම මෙවර තරගාවලියමට ක්‍රීඩා නොකිරීම හේතුවෙන් එම තරගයෙන් නිතරග ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.

බෘෘනායි සහභාගි නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ ‘බී’ කාණ්ඩයේ සෑම රටකටම ලකුණු 20-0ක නිතරග ජයක් ප්‍රධානය කිරීමට තරග සංවිධායකන් කටයුතු කර තිබුණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට මෙම කාණ්ඩයේ ප්‍රබලම අභියෝගත්මක කණ්ඩායම වූ හොංකොං කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හිමිව තිබුණේ තායිලන්තයට එරෙහිව වූ අතර, එම තරගයේ ප්‍රතිඵලය මත ‘බී’ කාණ්ඩයෙන් අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වීමට නියමිතව තිබුණි.

එම තරගය ලකුණු 29-10ක් ලෙසින් තායිලන්තය පහසුවෙන් පරාජය කිරීමට හොංකොං සමත් වූ අතර, ඒ සමග ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හැකිවිය.

සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක පමණක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන හෙයින් ශ්‍රී ලංකාවේ කුසලාන බලාපොරොත්තුව අහිමි විය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම සමගින් තෙවන ස්ථානය වෙනුවෙන් තරග වැඳීමට සිදුවිය.

මෙම තරගාවලිය ‘ඒ’ හා ‘බී’ ලෙස කණ්ඩායම් 9ක සහභාගිත්වයෙන් පැවැත්වේ.

එහි ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන ‘බී’ කාණ්ඩයට හොංකොං, චීන තායිපේ, තායිලන්තය හා බෘෘනාහි ඇතුළත් විය.

කෙසේ නමුත් අවසන් මොහොතේ බෘෘනායි වෙනුවෙන් කණ්ඩායමක් සහභාගි නොවීම හේතුවෙන් එම කාණ්ඩය රටවල් 04කට සීමාවිය.

මෙහි ‘ඒ’ කාණ්ඩයට එක්සත් අරාබි එමීර්, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව හා සෞදි අරාබිය ඇතුළත් වූ අතර, ඉන් ක්‍රීඩාකළ සියලුම තරග ජයගත් එක්සත් අරබි එමීර් කණ්ඩායම එම කාණ්ඩයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

COMMENTS