රොෂාන් රණසිංහ මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයට

රොෂාන් රණසිංහ මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයට

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

පසුව ඒ මහතා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.

මේ අතර හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

ඒ අනුව, චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උප සභාපතිධුරයටද මිලාන් ජයතිලක මහතා එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසද පත් කර තිබේ.