පෙම්වතිය ලැගුම්හලට ගෙන ගොස් සිව් දෙනෙකුට අලෙවි කල පෙම්වතා සොයා පරීක්ෂණ

පෙම්වතිය ලැගුම්හලට ගෙන ගොස් සිව් දෙනෙකුට අලෙවි කල පෙම්වතා සොයා පරීක්ෂණ

සිය පෙම්වතිය ලැගුම්හලකට කැටුව ගොස් එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් කාමරයක රදවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරිම සම්බන්ධයෙන් කළමනාකරු අත්අඩංගුවට ගත්බවත්, ප්‍රදේශයෙන් පලාගොස් සිටින පෙම්වතා සොයා පරීක්ෂණ සිදුකරන බවත් අගලවත්ත පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අගලවත්ත ඕමත්ත ප්‍රදේශයේ පදිංචි ලැගුම්හල් කළමනාකරු බව පොලිසිය කීය

කාන්තාවක අගලවත්ත ඕමත්ත පාරේ ලැගුම්හලක රදවාගෙන පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත 119 ඔස්සේ ලද පමිණිල්ලක් මත යතුරුපැදි සංචාර නිළධාරීන් සහ ළමා හා කාන්තා කාර්යාංශ නිළධාරීන් විසින් කල පරීක්ෂාවකදී ඇය භාරයට ගෙන කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.

වින්දිත කාන්තාව ඇගළුම් සේවිකාවක බවත්, ඇය පසුගිය 2 රාත්‍රි ලැගුම්හලට කැටුව විත් 4 දින පොලිස් භාරයට ගන්නාතුරු හෝටලයේ රදවාගෙන සිට ඇති බව පොලිසිය සදහන් කරයි.

Share This