විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එන කුඩා දරුවන් වෙනුවෙන් සෙල්ලම් කාමරයක්
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට විදේශ රැකියා සඳහා යොමුවූ පුද්ගලයින් සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා පැමිණෙන විගමණික ශ්‍රමික පවුල්වල කුඩා දරුවන් වෙනුවෙන් කාර්යාංශයේ සමථ අංශය මගින් Play Room සංකල්පය අනුව වර්ණවත් සෙල්ලම් කාමරයක් නිර්මාණය කර තිබෙනවා.
එය අද (02) කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විසින් විවෘත කළා.
කාර්යාංශයට පැමිණිලි කිරීම සහ පැමිණිලි විභාග කිරීම සඳහා බොහෝ අවස්ථාවල දෙමව්පියන් හෝ පවුලේ ඥාතීන් සමග කුඩා දරුවන් පැමිණෙන අතර, අදාළ කටයුතු අවසන් වන තෙක් දරුවන්ට අංශය තුළ රැඳී සිටීමට සිදු වෙනවා.
එවැනි අවස්ථාවලදී දරුවන්ට සිය ළමා මනසට හිතකර අයුරින් ක්‍රියා කිරීමට සෙල්ලම් කිරීමට හා චිත්‍ර ඇඳීමට අවස්ථාව මෙම සෙල්ලම් කාමරය තුළ සලසා ඇති අතර, දරුවන් විසින් අඳින චිත්‍ර මෙහි පුවරුවක ප්‍රදර්ශනය කර පැමිණෙන පුද්ගලයින්ට නැරඹීමට කටයුතු සලසා තිබෙනවා.
දරුවන් මෙහි රැඳි සිටින අතරතුර ඔවුන් පිළිබඳව සොයාබැලීමට වෙනම නිළධාරීන් දෙදෙනෙකුද පත් කර තිබෙනවා.
සමථ අංශයේ සේවය කරන නිළධාරීන්ගේ අදහසක් අනුව මෙම සෙල්ලම් කාමරය නිර්මාණය කර ඇති අතර, අංශයට පැමිණෙන දරුවන්ට රස කැවිලිද ලබාදීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙම සෙල්ලම් කාමරය විවෘත කිරීමේ අවස්ථාවට කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) ප්‍රියන්ත වීරසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමථ) බී.ඒ.රෝහිණි යන මහත්ම මහත්මීන් ඇතුළු සමථ අංශයේ නිළධාරීන් එක්ව සිටියා.