රෝහිත, එස් එම්, පවිත්‍රාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

රෝහිත, එස් එම්, පවිත්‍රාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.

ඊට අමතරව එම පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයේ කටයුතු කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතාගේ ද පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවා තිබෙනවා.