රෝහිතගේ සහයත් රනිල්ට

රෝහිතගේ සහයත් රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සහ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට තීරණය කර තිබෙනවා.

අද (04) පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

“රට මේ ඉදිරියට යන ගමන ජනතා විමුක්ති පෙරමුණට මේ රට දෙනවද ? උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කථා කරන සජිත්ට 22 වෙනිදාට මේ රට දෙනවද ? මේ කයිය නායකවරුන්ට රට දෙනවද ? රට වෙනුවෙන් තීන්දුවක් ගන්වද ? ඒ නිසා ඔබට ඇහුම්කං දීලා, රටට ඇහුම්කං දීලා මම ඔබේ මතයට හිස නමමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති කරවන වැඩපිළිවෙළට මම ලෑස්ති වෙනවා.”