කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ට විශේෂ දැනුම් දීමක්

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ට විශේෂ දැනුම් දීමක්

පවතින වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ බෙලිහුල්ඔය සහ ඕපනායක අතර කොටස දැඩි ලෙස ලිස්සන සුළු තත්ත්වයක් පවතින බැවින් රිය පැදවිමේදී කල්පනාකාරීව රිය පදවන ලෙස බලංගොඩ පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

බලංගොඩ බල ප්‍රදේශයට දහවල් සිට අධික වර්ෂාව පවතින අතර එමෙන්ම රාත්‍රි සහ අලුයම් කාලයේ මාර්ගයේ ඇති තෙතමන තත්ත්වය හේතුවෙන් වංගු සහිත කඳු බෑවුම් ස්ථාන වලදී වාහන අනතුරට ලක් වීමෙි අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙන බවට නිරීක්ෂණය වෙන බව පොලිසිය සඳහන් කරනවා .

රිය අනතුරු අවම කර ගැනීම සඳහා වෙිගය පාලනය කර රිය පදවන ලෙස සහ වර්ෂාවත් සමඟ මීදුම් තත්ත්වයක් පවතින අවස්ථා වලදී වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා රිය ධාවනය කරන ලෙසයි ජනතාවට පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ .