RMV එකෙන් වාහන tuneup දන්සලක්

RMV එකෙන් වාහන tuneup දන්සලක්

පොසොන් පොහොය නිමිත්තෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාහන සුසර කිරීමේ දන්සැලක් අද ආරම්භ කෙරුනා.

දන්සල දින දෙකක් පුරා නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී පැවැත්වෙන බවයි පැවසෙන්නේ.

යතුරුපැදි, ත්‍රීරෝද රථ, නොමිලේ සුසර කරදීම මෙහිදී සිදුකෙරෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ,
ශ්‍රී ලංකාවේ ඇති වාහන වලින් වැඩි කොටසක් ඇත්තේ යතුරුපැදි හා ත්‍රිරෝද රථ බවත්, ආර්ථික තත්ත්වය අනුව ක්‍රමානුකූලව තම රථය සුසර කර ගැනීමට ඔවුන් උනන්දුවන්නේ නැති බවත්ය.

එමගින් නිකුත් වන විෂ දුම පරිසරයට ඉතා හානිකර දායක වන බැවින් පොසොන් පොහොය නිමිති කර ගනිමින් මෙම සුසර කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවත් ඒ මහතා පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් මෙම දන්සල සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම මෝටර් රථ අලුත් වැඩියා කරන්නන් යොදාගෙන මෙම වැඩසටහන සිදුකෙරෙන අතර,
ඔවුන්ට නිසි ආකාරයෙන් වාහනය පවත්වාගෙන යාම පිළිබඳව අවබෝධයක් ලබා දීම ද මෙහිදී කෙරේ.