අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායකගෙනුත් ප්‍රකාශයක්

අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායකගෙනුත් ප්‍රකාශයක්

සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි සාලි මහතා විසින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණයවී ඇති පසුබිමකයි

සිය නිල ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් මොහොමඩ් රිස්වි සාලි මහතා පවසා ඇත්තේ නායකත්වය පිළිබඳ විශ්වාසය හා වගවීම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බැවින් සිය වෘත්තීය සුදුසුකම් විවෘතව ප්‍රකාශයට පත් කිරීමට තමා උනන්දු වන බවයි.

ඔහු ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහන පහතින්,