සහල් ආනයනයට අවසර දුන් කාල සීමාව දීර්ඝ කෙරේ
වර්තමානයේ රට තුළ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට ලබා දී තිබූ කාලය 2025 වසරේ ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය 2025 වසරේ ජනවාරි මස අවසානය දක්වා පැවැතීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වී ඇති හෙයින් පෞද්ගලික ආනයන කරුවන් හරහා සහල් ආනයනය කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.