මෙරට සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට

මෙරට සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම්ද ඊට අන්තර්ගත වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා 2024 වසරේ මේ දක්වා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීමට පියවර ගෙන තිබූ බවද සඳහන් කරයි.

එසේම මෙම වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 7 කින් අතිප්‍රමාණ වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

COMMENTS