ජනපතිවරණයේ ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් 03 කට නීතිමය පියවර

ජනපතිවරණයේ ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් 03 කට නීතිමය පියවර

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ලබා දුන් සහ නොදුන් අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 35 දෙනෙකු සිය වාර්තා ලබා දී ඇති බවය.

ජනාධිපති අපේක්ෂකයින් ලෙස පෙනී සිටි බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න සහ අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අය සිය ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බවද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් රුපියල් ලක්ෂයක මුදලක් ඒ සදහා නියම කෙරෙනු ඇති බවත් කොමිසම ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා දීම සඳහා දී තිබූ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් විය.

මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, දින 21 ක් ඇතුළත ආදායම් – වියදම් වාර්තා ලබා දිය යුතුය.