රේණුක පෙරේරාට ඇප
උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් අද උදෑසන ඒ මහතාගේ කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවය.