මැතිඇමතිවරු 56ක් ගෙවල් කුලියට පොලු තියලා

මැතිඇමතිවරු 56ක් ගෙවල් කුලියට පොලු තියලා

මැතිඇමතිවරුන් 56 දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 37ක පමණ මුදලක් (හිඟ කුලී) ගෙවීම පැහැරහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

පසුගිය 2015 වර්ෂයේ සිට එන, ලක්ෂ 14කට ආසන්න ශේෂ 19ක්ද ඒ අතර වන බව වාර්තාවේ දැක්වේ.

මේ අතර සමුළු නිවාස 35කින් පසුගිය වසරේ දෙසැම්බර් 31 වනවිට ලක්ෂ 23 කට ආසන්න මුදලක් අයකරගෙන නොතිබූ බව සඳහන් කරන වාර්තාව, ජයවඩනගම නිවාසවල 2012 සිට 2021 දක්වා පදිංචිව සිටි රජයේ නිලධාරින් 18 දෙනකුගෙන්ද කෝටියකට ආසන්න මුදලක් අයකරගෙන නොතිබූ බව සඳහන් වේ.

තවද ආයතන 32කින් ගොඩනැගිලි කුලී වශයෙන් කෝටි 33කට වැඩි මුදලක් අමාත්‍යාංශයට ගෙවා නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.

එම හිඟ කුලී මුදලින් සියයට 18ක් එනම් කෝටි 6කට වැඩි මුදලක් අයවීමට ඇත්තේ අමාත්‍යාංශය යටතේ පාලනය වන රජයේ බංගලා සංචාරක බංගලා සහ නිල නිවාස වලින් බව විගණන වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Share This