සහල් වැඩි මිලට සහල් වික්කොත් කියන්න අංකයක්

සහල් වැඩි මිලට සහල් වික්කොත් කියන්න අංකයක්

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව 1977ට වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

සහල් සඟවාගෙන සිටින වෙළෙඳුන් පිළිබඳව ද එම දුරකථන අංකයට පැමිණි කළ හැකි බව අධිකාරිය පවසයි.

වැඩිමිලට කීරි සම්බා අලෙවි කළ සහ තොග සගවා තැබූ සුපිරි වෙළෙදසැල් 5 කට නඩු පැවරිමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළේය. ඒ අනුව වේයන්ගොඩ හා පල්ලෙවෙල ප්‍රදේශවල වැඩිමිලට කීරි සම්බා අලෙවි කළ සහ තොග සගවා තිබූ සුපිරි වෙළෙදසැල් 5 ක් පාරිභෝගික අධිකාරිය මගින් වැටලීමට ලක්කරන ලදි.

සහල් සදහා මේ වන විට පාලන මිලක් නියම කර තිබුණ ද වෙළෙදුන් විසින් වැඩිමිලට සහල් අලෙවි කරන බවට පැමිණිලි ලැබී තිබේ. ඒ අනුව දිවයින පුරා වැඩිමිලට සහල් අලෙවි කරන වෙලෙදුන් සොයා වැටලීම් ආරම්භ කර තිබේ.