කෘෂිකර්ම පර්යේෂකයෙකු යාපනේ දේශනයක් පවත්වමින් සිටිය දී ඇදවැටී මරුට
කැනඩාවේ ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන ප්‍රකට විද්වතෙක් වූ ආචාර්ය පොන්නතුරෙයි රවිචන්ද්රනේසන් ( 58) මහතා යාපනයට පැමිණ යාපනයේ ගොවීන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පිරිසකට දේශනයක් පවත්වමින් සිටියදී ඇද වැටී මිය ගොස් ඇතැයි යාපනයෙන් වාර්තා වේ.
ඊයේ (25) මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී තිබේ. යාපනය කෘෂිකාර්මික මධ්‍යස්ථානයක යාපනය විශ්වවිද්‍යාලයී සිසුන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්නා අතරම ගොවීන් පිරිසක් වෙත මෙම දේශනය පවත්වමින් සිටිය දී එක්වරම බිම ඇද වැටී ඇති ආචාර්යවරයා වහාම යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇතත් ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු පවසයි.
ආචාර්ය පොන්නතුරෙයි රවිචන්ද්රනේසන්ගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම පිණිස යාපනය ශීක්ෂණ රෝහලේ තබා ඇත.
ආචාර්ය පොන්නතුරෙයි රවිචන්ද්රනේසන් යාපනයේ කොප්පායි – කට්ටයිපායි හි ඉපිද හැදී වැඩී යාපනය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගැනීමෙන් පසු පශ්චාත් උපාධි පර්යේෂණ අධ්‍යනයන් සඳහා කැනඩාවට ගොස් තිබේ. කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහු එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයෙක් ලෙස සේවය කරමින් සිට ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ ආරාධනයකට අනුව උතුරු පළාතේ භූගෝලීය හා කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් දේශන කීපයක් පැවැත්වීම පිණිස මීට දින 13කට පෙර ආචාර්ය රවිචන්ද්රනේසන් යාපනයට පැමිණ තිබේ.