දයා රත්නායක සජිත් පිළට එක්වෙයි – ලොකු තනතුරකුත් හිමිවෙයි

දයා රත්නායක සජිත් පිළට එක්වෙයි – ලොකු තනතුරකුත් හිමිවෙයි

දශක 3ක රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දුන් යුද නායකයකු සේම ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා (WWV, RWP, RSP, VSV, USP, ndu, psc) අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක් වී තිබේ.

එහි දී ජනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා.

කුරුණැගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ එතුමා වසර 35කට (1980-2015) අධික කාලයක් යුද හමුදාවේ පාබල සේනාංකයට නායකත්වය ලබා දෙමින් කටයුතු කළ අතර අවසන් යුද්ධයේදී ද එතුමා සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.

එසේම එතුමා කාලයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබේ.

Share This