මෙරට මී උණ රෝගය ව්‍යාප්තවීමේ අවදානමක්

මෙරට මී උණ රෝගය ව්‍යාප්තවීමේ අවදානමක්

මෙරට මී උණ රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙයි.

ඒ අනුව මී උණ රෝගීන් 7500ක් පමණ සංඛ්‍යාවක් වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී තිබෙන බවයි සෞඛ්‍ය අංශය කියා සිටියේ.

ඩෙංගු රෝගීන්ගේ මරණ අනුපාතය ද ඉක්මවා මී උණ රෝගීන්ගේ මරණ අනුපාතය වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමින්ද මුතුකුඩ මහතා සඳහන් කළේය.