ලොහාන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්
නීති විරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය දෙසැම්බර් මස 2 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (22) නියෝග කළේය.
නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඇය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
මෙම සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ නොවැම්බර් 04 වනදා අත්අඩංගුවට පත් විය.