කෝප් කමිටුවෙන් තවත් සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

කෝප් කමිටුවෙන් තවත් සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

මීට අමතරව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද අද කෝප් සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වුණි.

මේ අනුව මේ වන විට කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වූ සම්පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාව හතකි.

Share This