වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කර මුදල් කොල්ල කාලා
කැකිරාව පොලිස් වසමේ නිවසක තනිව ජීවත් වූ වයස අවුරුදු 74 ක වයෝවෘද්ධ කාන්තාවක් බලහත්කාරයෙන් දූෂණයට ලක්කර, ඇය සතුව තිබූ මුදල් රුපියල් 4500ක්, රුපියල් 5000ක් වටිනා ජංගම දුරකථනයක් සොරකම් කල සැකකරුවෙකු කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාන්තාව සිදු කල පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර සැකකරු සොරකම් කල ජංගම දුරකථනය සහ එම මුදල් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, කැකිරාව පොලිස් වසමේම පදිංචි, 31 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ සැමියා මීට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දරුවන් විවාහ වී වෙනම පදිංචිව සිටින බවද පොලිසිය කියයි.
ඉකුත්දා රාත්රී 10.45 ට පමණ නිවසේ විදුලිය විසන්ධි කර එම නිවසට ඇතුළු වී ඇති සැකකරු මෙම ස්ත්රී දුෂණය සහ සොරකම සිදුකර පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගස් සැකකරු කැකිරාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.