සිසුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධියකට කතරගම පාසලක විදුහල්පති අත්අඩංගුවට

සිසුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධියකට කතරගම පාසලක විදුහල්පති අත්අඩංගුවට

පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කතරගම ප්‍රදේශයේ
විදුහල්පතිවරයෙක් කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

විදුහලේ 8 සහ 9 වසර වල ඉගෙනුම ලබන මෙම සිසුන් ක්‍රීඩා කටයුතු වලට පාසැලට පැමිණි අවස්ථාවේ ආහාර ගැනීමට වෙන්කර ඇති කාමරය තුලදී ලිංගික අපයෝජනය සිදුකර ඇතැයි පොලිසිය පැවසීය.

එක් සිසුවෙකුට 2021 වසරේ සිටත් අනෙක් සිසුවාට 2023 වසරේ සිටත් විදුහල්පතිවරයා ලිංගික අපයෝජනයක් සිදුකල බවට ඔවුන් ඊයේ (22) කතරගම පොලිසියට පැමිණිලි කර තිබේ.

අත් අඩංගුවට ගත් විදුහල්පතිවරයා 49 හැවිරිදි විවාහකයෙකි.