රන්මිණි තැන්න බදු දෙන්න කැබිනට් අනුමැතිය

රන්මිණි තැන්න බදු දෙන්න කැබිනට් අනුමැතිය

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය (රන්මිණි තැන්න) රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිර්දේශ ලබා ගැනීමට 2023-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා.

ඒ අනුව එකී නියෝජිතායතනයේ නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීම නඩත්තු කිරීම සඳහා සුදුසු ආයෝජකයකු හඳුනා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමටත්, හඳුනාගනු ලබන ආයෝජකයා සමඟ වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.