සිංගප්පූරු සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

සිංගප්පූරු සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය නිමා කර 08/22 දින රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.

ඔහු සමග දූත පිරිස ලෙස 10 දෙනෙකු ද සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි. ඔවුන් සියලු දෙනා 08/22 දින රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Share This