මෝදි සමග දේශනයකට රනිල් ඉන්දියාවට

මෝදි සමග දේශනයකට රනිල් ඉන්දියාවට

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (27) පිටත්ව වේ.

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේ දී හෙට (28) මෙම දෙසුම පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්,ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දෙසුම් පවත්වති.

රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙයයි. හිටපු ජනාධිපතිවරයා මාර්තු 2 දා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත.