රංගේ බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට

රංගේ බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට

එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

කරුවලගස්වැව 07 කණුව මී ඔය අලිමංකඩ ප්‍රදේශයේදී අද (29) අලුයම 4.30 පමණ ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා.

අනතුරෙන් ත්‍රීවිල් රථ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

Share This