අවසන් මහා රන්දෝලි පෙරහැර අද

අවසන් මහා රන්දෝලි පෙරහැර අද

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා.

සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීදී සංචාරය කෙරිණ.

අද දිනයේ ද මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අතර ඒ සඳහා පොලිස් නිලධාරින් හය දහසකට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇති බවයි, පොලිසිය පැවසුවේ.

ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මහනුවර නගරය හරහා ධාවනය වන රථවාහන වෙනුවෙන් විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුල රථවාහන ගාල් කිරීමේ ස්ථාන 9 ක් හඳුන්වාදී ඇති බවයි, පොලිසිය පැවසුවේ.

මේ අතර, පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මෙවරත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙයි.

ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ඒ සඳහා බස් රථ 550කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇතැයි බවයි.

අද දිනයෙත් කොටුව, නාවලපිටිය හා මාතලේ සිට මහනුවර දක්වා අමතර දුම්රියක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.